බොහෝ පිරිමි පාර්ශවයන් සිත් ඇදගන්නා සුළු කාන්තාවන්ට බියක් දක්වන්නේ ඇයි? (විද්‍යාත්මක පැහැදිළි කිරීම)

මෑත කාලින අධ්‍යනයන් තුලින් මිනිසුන් වන අපේ විවිධ වූ අත්දැකීම් තහවුරු කරනු ලැබේ. බොහෝ විට මිනිසුන් බරපතල ලෙස,බුද්ධිමත් කාන්තාවන් විසින් බියට පත් කරගෙන සිටිනු ලැබේ.කෙසේ වුවත් කරන ලද අධ්‍යනයට පිරිමි පාර්ශවයෙන් 150ක් පමණ ඇතුලත් කර තිබූ අතර පර්යේෂකයන් විසින් සිත් ඇදගන්නාසුළු විචල්‍යයන් පාදක කර තිබුණි. පුරුෂ පාර්ශවය මනංකල්පිත පටිපාටියක් සමග පෙනී සිටි අතර සිත් ඇදගන්නාසුළු වූ  කාන්තාවන් කෙරෙහි ආකර්ෂණයක් පෙන්නුම් කළහ. කෙසේ වුවද ඔවුන්ට පුද්ගලයෙක් මුණ ගැසුනහොත්, කායික සහ මානසික ආකර්ෂණයක් නොමැති ආකාරයට ඔවුහු අදහස් වෙනස් කරගනිති. ඔවුහු ඔවුන්ගේ ආසන පවා ඈත් කරගනිති. එහෙයින් විද්‍යාඥයෝ,මිනිසුන් ඔවුන්ගේ පුරුෂාධිපත්‍යයට බිය බැව්තාවකාලික ලෙස තීරණයකට එළඹ ඇත.

කාන්තාවනි, ඔබ සිතනවා නම්,”මම නොදන්නා දෙයක් තිබේ නම් පවසන්න… “, ඔබට ලැබුනාට වඩා ඔබ ලබා ගෙන තිබෙන බව “එන්න ළඟටම…නෑ…තබන්න ඉවතට’’,ඇත්ත වශයෙන්ම අප සිත ඇදගන්නා සුළු වේ නම්,අප උස වේ නම්(ආසන්න ලෙස අඩි 5 අඟල් 10කටා වඩා ),මුල්‍යමව ස්වාධින නම්,ස්‌වයං විශ්වාසය ඇති නම්,හැකි නම් අපගේ ශෘංගාරාත්මක විචක්ෂණය උපදී. අහා! ඒ වගේම අපි ලස්සනයි නම්..කුමක් පවසන්නද?, අපි අපිම වෙමු.

මනෝවිද්‍යාඥ එලිසබෙත් ලොම්බාර්ඩ් ස්ත්‍රීන්ගේ වටිනාකම් අගය කිරීමට වඩා සහ ඔවුන් හා ඇය අතර සංසන්දනය නතර කරන ලෙස යෝජනා කරසිටියි. ප්‍රතිඵලය පවතින්නේ කාන්තාවගේ සුන්දරත්වය,උස,ලස්සන,ස්වයං විශ්වාසය වැනි දේ මත නොව  ආත්මාභිමානය සමග බව මිනිසුන් අවබෝධ කරගෙන සිටින බව ඇය තවදුරටත්යෝජනා කර සිටිනු ලබයි.

මුලිකවම එකිනෙකා තිර කරන්නට අප මෙහි පැමිණියේ නැත. අභියෝගය අනුකම්පාව වේ. ඔබගේ ම අද්විතීය ශෝභාන්ත්වයෙන් මදක් ඉදිරියට ඇදි ඔහුට සුබ පතන්න.ගත කරන ලද දිනය අසාර්ථක වුයේ ඔහුගේ පුරුෂාධිපත්‍යයට යම් බියසහගත බවක් දැනීමෙන් හෝ ඔහුගේ කඳුළු පවා ප්‍රතික්ෂේප කිරීමෙන් විය හැක. එය විශාල වූ සාගරයකි.මේ ඔබ ඉවත දමන ලද මාළුවා වේ.මක්නිසාද සබැ යතාර්ථය නම් එකිනෙකාගේ හදවත් වැටහීම,විවෘත,කුතුහලය,ගෞරවය,කරුණාව,ආදරය සහ ජීවය විසින් පැහැදිලිව පෙනෙන ලෙස සලකුණු කර තිබිමයි.

නිරෝගිමත් මනස යහපත් ආදරයක සෙවනැල්ලයි


වර්ධනය වීමේදී අපි සැපවත් හා සෞභාග්‍යමත් ජීවිතයකට අවැසි වුවමනා හඳුනා ගන්නෙමු. එසේ වුව, යහපත් සබඳතාවයක් ඇති කරගැනීමත්, පවත්වාගෙන යාමත් පිළිබඳ එහි අන්තර්ගත නොවීම සැබවින්ම කනගාටුදායක ය. මිනිසා වැඩිහිටි තත්වයට පත් වූ පසුව වුවද යහපත් සබඳතාවයක් පවත්වාගෙන යාමට සමාජයෙන් ලැබෙන මගපෙන්වීම හා උපකාරය ඉතා දුර්ලභ ය.

            ළමා අවධියේ සිටම යථාර්ථයෙන් තොර, මුදුන්පමුණුවා ගත නොහැකි ශෘංගාරාත්මක හැඟීම් මිනිස් මනස තුළ ඇති වේ. ඉතාමත් ම අහම්බයෙන් එවන් හැඟිමක් ප්‍රකාශිතත්වයට පත්වීමක් හෝ ඉෂ්ට වීමක් සිදු විය හැකිය. එවන් සබඳතාවක් පිළිබඳ විවිධාකාර වූ තර්ක ඉදිරිපත් වන්නේ ඊටත් වඩා කලාතුරකිනි. සියල්ලටම වඩා කාරණය නම් අප අපේ පවුල සහ මිතුරන් සම්පත් ලෙස සිතාගැනීම හා ඔවුන් අප සතු පෞද්ගලික දේපල ලෙස සලකා ආරක්ෂා කරගැනීමට උත්සාහ කිරීමයි. සමාජය දෙස බැලූ කල මිනිස්සු සිය සම්බන්දතාවලට ආදරයෙන් හා බලවත් හැඟීමකින් සැලකීම සුලබ ව දැකිය හැකි කරුණකි.

            ඉදින් අනාදිමත් කලක සිට සහජයෙන්ම උරුම වූ මෙම කටුක හැසිරීම මැද මිනිසා වැඩෙන්නේ කෙසේද යන්න අප ඉගෙන ගත යුතුය. එබැවින් ශක්තිමත් මනසැති පුද්ගලයෙකු විසින් සබඳතාවයකදී ප්‍රතික්ෂේප කරනු ලබන වැරදි හැසිරීම් 8ක් මෙහි පහතින් දැක්වේ.


1.සම්බන්ධතා පාලනය.


            සබඳතාවය එක් පාර්ශවයක් මත පමනක් රැදෙන්නක් නම් එය නිවැරදි නොවේ.දෙපාර්ශවයේම සක්‍රීය දායකත්වය මත යහපත් සබඳතාවයක් බිහි වේ. බොහෝ අවස්ථාවල ඔබ විධාන දීම හෝ ලබාගැනීම මත සබඳතාවයක් පවත්වන්නේ නම් එතැන සැලකියයුතු ගැටළුවක් ඇත. ආදරය යනු නිදහස මත පවතින්නක් වන අතර යහපත් සම්බන්දයක් තුළ එම නිදහස නිතැතින්ම රැදී  ඇත. ඔබේ සහකරු හෝ සහකාරිය අතර ඇති තත්වයන් පාලනය කිරීමට වඩා දෙදෙනා සමග එක් වී වැඩ කිරීම මත අන්‍යොන්‍ය සුහදත්වය හා ශක්තිය වර්ධනය වේ.

            මින් ඉදිරියට මේ පිලිබඳ විස්තර නොසැපයෙන අතර ඕනෑම බැඳීමක් සමබර ව පවත්වාගත යුතුය යන්න තරයේ සිතට ගත මනාය.


2.ස්ථාවර වීමේ අවශ්‍යතාව.


            සැබැවින්ම ඔබ ඔබේ සිහිනයේ සිටින පිරිමියා හෝ ගැහැනිය සොයාගත් කල ඔබ සතුව තිබූ අනාරක්ෂිතභාවය,සකල දුක් පීඩා වහාම අතුරුදන් වනබව පොදු රොමැන්ටික් මතයකි.නමුත් මෙය සත්‍යක් නොවේ.

            යහපත් සබඳතාවයක් ඇති කල අවංකවම සතුටු විය හැකි අවස්ථා නැත්තේ නොවේ. නමුත් ඔබේ සහකරුවා හෝ සහකරුවා ඔබව සතුටුකළ යුතුයැයි ඉන් හැඟවෙන්නේ නැත. එය ඔබ විසින් ඉටු කර ගත යුතු කරුණකි;ඔබගේ වගකීමකි. අප පරිපූර්ණ වීමට හෝ ස්ථාවර වීමට ඇති අභිලාශයකින් කටයුතු කරන්නේ නම් ඒ අප තුළ යම් යම් අඩුපාඩු ඇති බව අප විසින්ම හඳුනා ගත කල්හි ය. එසේම වෙනකෙකු අප සතුටු කරාවි යන මතයේ එල්බ සිටීම සාධාරණ නොවේ. එය අප විසින්ම සිතා ආරෝපණය කරගත යුතු හැඟීමකි. එසේ නොමැති වුවහොත් එය අප සහකරුවාට හෝ සහකාරියට කරනු ලබන බලවත් අසාධාරණයකි.


3.අනෙත් පාර්ශවය ප්‍රතිස්ථාපනය කිරීමේ අවශ්‍යතාව.


            අප කිසිවෙකුට උපතින්ම හෝ ජීවත්වන කාලය තුළ සර්ව සම්පූර්ණ චරිතයක් විය නොහැකිය. එනිසා මිනිසා සෑම අතින්ම අද්විතීය චරිතයක් බවට පත් වන අතර එකිනෙකා සමඟ සහයෝගයෙන් සිටීමටද පෙළඹෙයි. ඔබ කිසිවෙකුව සම්පූර්ණයෙන්ම වෙනස් කොට ඔබ කැමති ආකාරයට යළි සකස් කරන්නට යන්නේ නම් සැබවින්ම එය අරුත් විරහිත කරුණකි.

            ඔබේ සහකරු හෝ සහකාරිය යනු ඔබම හෝ ඔබේ කොටසක් හෝ ඔබේ අනුරුවක් හෝ නොවේ. එබැවින් එම පුද්ගලයා තේරුම් ගන්නා ආකාරය,අත්දැකීම් හා හැඟීම් ඔබ සමඟ බෙදාහදා ගන්නා ආකාරය මෙන්ම ආදරය කරන ආකාරයද ඔබට වඩා වෙනස් විය හැකිය. එහි කිසිඳු වරදක් නැත.ඔබ පරිපූර්ණ පිරිමියෙකු හෝ පරිපූර්ණ ගැහැනියක සොයන්නේ නම් එය නිරර්ථ උත්සාහයකි.ඔබ දෙදෙනා අතර ඇති සොඳුරු අසමානතා හඳුනාගැනීමට උත්සාහ ගන්න,ඒවා අගය කරන්න පටන් ගන්න.


4.අතීතය සිහිකරමින් බැන වැදීමේ නැමියාව.


            අතීතය හිමි වන්නේ අතීතයටම ය.අතීත වැරදි ගෙනහැර පාමින් කෙනෙකුට වර්තමානයේ බැන වැදීමට ඔබ පෙළඹෙන්නේ නම් එය අයථා කාර්යයකි.එහි ඇති නුසුදුසුත්වය නම් එකිනෙකා එකිනෙකාගේ වැරදි හුවමාරු කරගන්නා කල එකිනෙකා අතර තමා ඔහුට වඩා නිවැරදිය,තමා ඇයට වඩා නිවැරදිය යනුවෙන් තරගයක් හට ගැනීමයි.

            දැනට ගතවි,ගෙවි,දුරස් වි ගිය දේ පිළිබඳ තර්ක කොට ජයග්‍රහණය කොට වැඩක් නැත. ඔහු හෝ ඇය කව්රුන් වුවද එම පුද්ගලයා සමඟ ඔබ සබඳතාවයක් ආරම්භ කරන්නේ යනු ඔබ එම පුද්ගලයා පිළිගත්තා ය යන්නයි. එම පුද්ගලයාගේ ජීවිතය පුරා සිදු වූ සියලුම දේවල් ඔබ පාවා ගත්තේය යන්න ඉන් ගම්‍ය වේ.


5.බොරුකීම හා ප්‍රචාරණය


            යමෙක් ඔබට බොරු කියා හෝ යම් අයුරකින් ප්‍රෝඩාවක් කර සම්බන්ධයක් අරඹන්නේ නම් එය වරදකි. බොහෝ මිනිස්සු මේ ආකාරයට ඍජු බවට වඩා මුසාව හා මවාපෑම සිදුකිරීමට දක්ෂයෝය.” විශ්වාස කළ නොහැකි සහකරුවෙකුට වඩා අවංක පරාජිතයෙක් හොඳ”ය.

            ක්‍රියාව වචනයට වඩා බලවත් බව මින් පෙරද මෙහි සඳහන් කර ඇත. මෙහි ලා ද එසේම සඳහන් කරනු මනාය. ඔබේ සහකරු හෝ සහකාරිය පවසන දේ පිළිබඳ අවධානයෙන් ඉන්නා ප්‍රමාණයටත් වඩා වැඩි ප්‍රමාණයකින් එම තැනැත්තා හෝ තැනැත්තිය ක්‍රියා කරන ආකාරය පිළිබඳ අවධානය යොමු කරන්න. මන්ද යත් වදනකට වඩා වැඩි ප්‍රමාණයක සත්‍යක් ක්‍රියාවකින් පිළිඹිඹු වනු ඇත. එසේම එම සත්‍ය ඔබට සැනසීම ළඟා කර දෙනු ඇත.


6.සමාව නොදීම හා නිවැරදිවීමට බලාපොරොත්තු නොවීම.


            ඔබේ දිගුකාලින සම්බන්ධයේ විශ්වාසය බිඳ වැටුණු විට නැවත එය ගොඩනගා ගැනීම ඉතාම අපහසුය. නමුත් දෙදෙනාම අමතක කිරීම හෝ වෙනත් ක්‍රමයකින් එය කිරීමට එක සිත්ව සූදානම් නම් එය එතරම් අපහසු නොවනු ඇත. කෙසේ නමුදු සමාව දීමට හා නැවත හැඩගැසීමට සූදානම් නොමැති දෙදෙනෙකු අතර ඇති සබඳතාවයක පසු අමනාපකම් ඇති බව සුලභව දැකිය හැකිය.

            විශ්වාසය කඩවීම වේදනාකාරී වන අතර එනිසා එවන් දෙයින් ඉවත් විය යුතු බවත් සමාව දීමට හුරු විය යුතු බවත් වටහා ගැනීම යෝග්‍යය .එවන් අවස්ථාවක් උදාවුවහොත් සමඟිව කටයුතු කිරීම මත එය මගහරවා ගත හැකිය.


7.නොඉවසිලිමත් කලහකාරි සන්නිවේදනය.


සත්‍ය වශයෙන්ම යම් ගැටළුවක් ඉදිරිපිට නොඉවසිලිමත් බව හා කලහකාරිත්වය යනු නිවැරදි මෙවලම් නොවේ. එය ඔබ ඔබේ ප්‍රධාන සන්නිවේදන ක්‍රමය ලෙස සලකන්නේ නම් හා ඉන් දුක ප්‍රකාශ කිරීම සිමා වන බව සිතන්නේ නම් එය නිවැරදි තීරණයක් ද නොවේ.

            අප ආදරණියයා සමඟ විවෘතව සන්නිවේදනය කළ යුතුය;හදෙහි ගැඹුරුම හැඟීම් පවා ප්‍රකාශ කළ හැකි විය යුතුය;අනපේක්ෂිත ලෙස පැනනගින හදිසි සිදුවීම් එක්ව විඳ දරා ගත යුතුය.යමෙක් වෙනස්ව සලකන්නේ නම් හෝ නිතරම ඇනුම්පද වැනි දේ ප්‍රකාශ කරන්නේ නම් නිහඬව සිට ඔහු හෝ ඇය මෙවන් වැරැද්දක නියැලෙන්නේ මන්ද යන්න විමසා බැලිය යුතුය. මේ නිසා නිතරම ඇතිවන බහින්බස් වීම ඉදිරියේ ස්වාධින පුද්ගලයෙකු ලෙස ඔබ නිදහසට කරුණු සපයමින් අනෙකාට එය පැහැදිලි කළ යුතුය. එවන් අවස්ථාවක ඔබ නොඉවසිලිමත් හා කලහකාරිත්වයෙන් හැසිරෙන්නේ නම් එයට හේතුව බිය බව හඳුනාගත යුතු අතර එය තරයේ මනසට කාවද්දා ගත යුතුය. මන්ද යත් සාර්ථක සම්බන්දයක් තුල බියට ඉඩක් නොමැති බැවිනි.


8.එක්ව සිටිය හැකි කාලය මගහැරීම.


            සෑම සම්බන්ධතාවයකම හුදෙකලාව ඔවුනොවුන් ඇලි ගැලී වෙසෙන කාලයක් තිබිය යුතුය. එවන් අවස්ථා ඔබ මගහැර ගන්නේ නම් එය ඔබේ සෙනෙහස ගලායන මං වැසුවා විය හැකිය.

            යහපත් සම්බන්ධයක හිමි කරගැනීම යනු දැඩි ඉවසීමකින් හා දීර්ඝ කාලයක් ගත කරමින් ඕක් ගසක් වැවීම වැනි කාර්යයකි. සබඳතාවයේ පැවැත්මට හා වර්ධනයට ද මේ සියල්ල එසේම අවශ්‍ය වේ .ගසෙහි වර්ධනයට දිනපතා ජලය දැමිය යුතු සේම ඉතා හොඳ සම්බන්දයක් ද කෙටි කාලයක වුව සෙනෙහසින් උතුරා යා යුතුය.

            ආදරවන්තයා හෝ ආදරවන්තිය ඉදිරියේ දෑස් දෙස බලා කතා කරන්න. දුරකතනයෙන් කතා කරන විටෙක නම් මදකට එය අමතක කොට ඒ තුළ අපුර්ව ලොවක් මවා ගන්න. ඔබේ වටිනා කාලය සහ අවධානය තවෙකෙකුට ලබා දෙන තරම් වූ භාග්‍යයක් තවත් උදා වේද?ඉඳින් ඔබේ ආදරය වෙනුවෙන් සිය පෙම්වතාට හෝ පෙම්වතියට ප්‍රසන්න විම තරම් ත්‍යාගයක් තවත් කොහිද?

නව සබඳතාවයක ඉතා නරක කොටස් 10ක්

අප නැවුම් ආදරය පිළබඳව සිතන විට අපගේ මනස නිරන්තරයෙන්ම ප්‍රථම දින සමනලුන්,පළමු හාද්ද,වියරු වැටුණු එකට ගත කරන ලද රාත්‍රිය පිළිබඳව නැවත සිහිපත් කරනු ඇත.ඔබ එහි යන විට හමු වූ දරුණු මාර්ග ගැටිති අමතක කිරීමට අපහසුය. කණස්සලු නොවන්න. ඔබට ඒ දේවල් සිහි ගන්වන්නට මා මෙහි සිටියි.

 පහතින් දැක්වෙන්නේ නව සබඳතාවයක ඉතාමත් නරක අංග 10ක් වේ.

  1. ඔබගේ සහකරුගේ යහළුවන් සහ පවුලේ අය මුණගැසීම

ඔබගේ සෑම චලනයක්ම නිරීක්ෂණය කරන අවස්ථාවේදී ඔබට ඔබම විය නොහැක.එය ඔබට ඉතාමත් අසීරු කාර්යයකි.

  1. සම්බන්දතාවය තේරුම් ගැනීම

පිරිමි පාර්ශවයට නම් මෙය ඉතාමත් අපහසුතාවයට පත් වන ආකාරයේ මාතෘකාවකි.එසේ වුවද  එය විශේෂයෙන්ම අත්‍යවශ්‍යම කරුණකි.

  1. ඔබගේ පළමු ගැටුම

එය බියජනක මෙන්ම නියත වශයෙන්ම සිදුවන දෙයකි.සාධාරණත්වය උදෙසා සටන මෙහෙයවීමට සැමවිටම උත්සාහ ගන්න.

  1. යෝග්‍ය වූ පෞද්ගලික කෘත්‍යයන් පවත්වාගෙන යාම

ඔබට ඔබගේ නව සහකරු සමග ගතකරන්නට අවශ්‍ය සෑම තත්පරයකම පහසුවෙන්ම වෙනතකට ඇද දැමීමට  ව්‍යායාම,නින්ද සහ සෞඛ්‍යමත් ආහාර ගැනීමේ රටාවට හැකි වේ.

  1. ඔබගේ ම අනන්‍යතාවය පවත්වාගෙන යාමට සටනෙහි යෙදීම

තම ප්‍රේමවන්තයා කටුසු පෙම්වතෙක් වන බව දැකීමට ප්‍රේමවන්තිය අකමැති වන අතර දිනයක් ගත කිරීමට පවා අකමැති වෙයි. පෙම්වතියගේ පාර්ශවයෙන් ද මෙම කරුණ අදාළ වේ.

  1. ඔබගේ ආරක්ෂකයාව මැඩපැවැත්වීමට ඉඩ දීම

අපි ප්‍රථම දිනයෙහි සාර්ථක,හොඳම  හැසිරීම් රටාවක සිටිමු-නමුත් එය පවත්වාගෙන යාම කවුරුන් හට කල හැක්කක් වේද?ඔබගේ සත්‍ය ආදරය පිළිබඳව අවංක විය හැකි මොහොතක් පැමිණේවි

  1. ඔබගේ සබඳතාවයේ ඉතිහාසය විස්තර කිරීම

ඇත්තවශයෙන්ම මෙය සන්ත්‍රාසයට කරුණකි.ඔබ ඒ පිළබඳව සත්‍යයම පවසද්දී මද උන්මාදයකින් හෝ නැඹුරු බවින්  යුක්ත විය යුතුය

  1. ඔබගේ සහකරුට/සහකාරියට කලින් පෙම්වතියක් /පෙම්වතෙක් සිටින බව අවබෝධ කර ගැනීම

මට සැම දෙයක්ම පවසන්න.මදක් රැඳී සිටින්න.නැත.කරුණාකර එපා. අපට ඒ සමයට නැවත යා හැකිද?

  1. ඔබව ප්‍රථම වතාවට පෙම්වතා/පෙම්වතිය ලෙස ඔවුන්ට හඳුන්වා දෙනු ලබන අවස්ථාව

ආගන්තුක ස්වරුපයෙන් සිටීමට උත්සාහ දරන්න. ඔබට නොහැකි වේවි.ඔබ ඔබගේ සහකරු දෙස නුහුරු සහගත පිළිගැනීමක් සහ පරික්ෂා කිරීමක් සිදු කරන බව සියලු දෙනාම දකිනු ඇත.

  1. ප්‍රථම වතාවට අනතුරට භාජනය විය හැකි තත්වයට පත් වීම

            ඔබට කිමිදෙන්නට අවශ්‍ය වේ.නමුත් ඒ ජලය අධික ලෙස ශීත බවට පත් වුවහොත් කුමක් කරන්නද?

            ඔබ තනිකඩ නම්,අවතක්සේරුගත තනිකඩ  ජීවතය  ඔබටම නියවමින් සහ ඔබව ම  වැළඳ ගනිමින් සොයා ගත්තෙහිද? ඔබ විවාහක නම්,දෙවියන් වහන්සේට ස්තුති කරමින් විවාහ ජීවිතයේ ඒකාකාරී බව අඩුවෙන් වටහා ගනිමින්  ඔබ ඔබටම තනිව සිනා සෙන්නේද? දෙවියනි,මෙයින් මගේ කර්තව්‍ය අවසන් වේ.ඊලඟ අවස්ථාවෙදී ඔබ නව යුවලක්  වීදියෙහි සිප ගනිමින් සිටින බව දකීවි.ඔබට ආත්ම තෘප්තියකින් යුක්තව සිනාසීමට හැකි වේවි.

ඔබේ නැවුම් ආදරය හඳුනා ගැනීමේ මං


නිමේෂයකින්,හදිසි කලබලයකින් වුව ද දෙදෙනෙක් අතර ආදරයක් ඇති විය හැක. හමු වූ ප්‍රථම දිනයේ ඒ කුළුඳුල් හාද්ද,දෙදෙනාම එකට එක්ව සිනාසුනු ඒ සිනහව සියල්ලක්ම අන්ධ විය හැක. අප සතුට සහ ආවේගයන්ගෙන් දුරස් වූ විට අපගේ සුවිශේෂී අනෙකාගේ වූ මිහිරි වචන,මතුපිට ලස්සන සහ අන්තරාදායක අවස්ථාවන්වලට අවධානය යොමු කිරීම පහසු වේ. වේලාසනින් ඔබට ඔහුගේ ගැඹුරු ස්වභාවයට සිතිවිල්ලක් දෙන සැනින් අවධානය යොමු කිරීමට හැකි පුරුදුකිහිපයක් මෙසේය.


ඔබ ඔබගේ පෙම්වතා පිලිබඳව ඔබගෙන්ම මෙම ප්‍රශ්න අසා බලන්න.

1. ඔහු ඔබට කාලය වෙන් කරනවාද?


මතුපිට වශයෙන් ගත කල සමහර මිනිස්සු නිර්ලෝභී වෙති. නමුත් දේවල් සැබෑ ලෙසම ප්‍රශ්නයක් බවට පත්වන අවස්ථාවලදී,කරුණු කාරණා බරපතල වන අවස්ථාවලදී; එනම් ආදරය,කාලය වැන්න,මිනිස්සු මසුරු වෙති.නැතහොත් ලෝභී වෙති. කාන්තා පාර්ශවය අලංකාර දේවල් මිලදී ගැනීමට කැමැත්තක් දක්වන බව මිනිස්සු සුවිශේෂී ලෙස නිතරම විශ්වාස කරන්නට පෙළඹෙති. එහිදී ඔබ ඔබව පහසුවෙන් මිලදී ගැනීමට ඉඩ නොදෙන්න. ඔහුට අඩු කාලයක් තිබුනද ,ඔබට සැබවින්ම වටිනාකමක් දෙන පුද්ගලයා ඔබ සමග කාලය ගත කිරීමට ඉඩ සලසා ගනීවි. ඔබ නව ජීවිතයක් ගොඩනඟා ගැනීමට ඔහු තෝරාගතහොත් මෙකී නිර්ලෝභීත්වය ඔබට අවශ්‍ය වනු ඇත.


2. ඇය ඇයගේ වැරදි පාලනය කරන්නේ කෙසේද?


අපි සියල්ලෝ ම අසම්පුර්ණ වෙමු. කිසිසේත්ම සම්පුර්ණ නොවෙමු.බෲස්‌ලීට අනුව “යමෙකුට භාර ගැනීමට ධෛර්යය තිබේ නම්,වැරදිවලට සෑමවිටම සමාව දිය හැකිය.” ඇය වැරැද්දක් කර ඇති විටෙක සමාව ඉල්ලීමට සහ එය භාර ගැනීමට ඇයට ධෛර්යයක් තිබෙහිද? ඉතාම වැදගත් කරුණ නම් ඇය එම වරද තුළින් ඉගෙන ගත්තෙහිද?, නැතහොත් ඇය දිගින් දිගටම එම වැරැද්දම කරමින් සිටිනවාද?,ඇයගේ අඩුලුහුඩුකම් භාර ගැනීම ප්‍රතික්ෂේප කරනවාද? සහ පෞද්ගලික දියුණුවට පවත්නා අවස්ථාවන් මග හරිමින් පිරිහෙන්නට ඉඩහරිමින් සිටිනවාද යන වගයි. ඔබගේ සබඳතාවයේ ශක්තියෙහි පරිනත බව හා වර්ධනය සඳහා ඉහත ප්‍රශ්නවලට ඇති විසඳුම් තීරණය කරනු ඇත.


3. ඔහු එදිරිවාරිකම් අල්ල ගෙන සිටිනවාද?


අප සියලු දෙනාම වැරදි සිදු කරන බැවින්,ඔබ අවිකල්පනයෙන් සිදු කරන ඒ සුළු වුද විශාල වුද වැරදි අතුරින් වැඩ කිරීමට හැකියාවක් ඇති ,කැමති සහකරුවෙක් සොයා ගැනීමට හැකි වීම වැදගත්වේ. ඔබගේ සහකරු පහසුවෙන්ම ඔබට සමාව දෙනවාද? මෙන්ම ඔහුට පැන නගින ප්‍රශ්න අතුරින් වැඩ කිරීමට හැකියාවක් පවතිනවාද?ඔහුගේ මිතුරු සබඳතාවයන් ගැඹුරුද? චිරස්තිථිද? නැතහොත් ඔහු මෝඩ ගැටුම් සහ සෘජු අතපසුවීම්වලට එහා ගිය අමනාපකම් ග්‍රහණය කරගෙන සිටිනවාද? සමාව දීම ශක්තියේ ලක්ෂණයක් වන අතර කැපවීමේ තරමද මැනවින් පිළබිඹු කරයි. ඔහු දශක ගණනක් දිගු මිත්‍රත්වයක් පවා කෝපාන්විත වූ තනි වාදයකින් අනතුරුව වුව නතර කර දැමීමට කැමැත්තෙන් සිටින්නේ නම්,ඔබගේ සබඳතාවය ද ඊට සමාන වූ අස්ථායි තත්වයක විය හැක. ඔබගේ සහකරු ඔහුට වැරැද්දක් කල අයෙකුට සළකන ආකාරය දෙස සැළකිල්ලක් දක්වන්න. යම් දිනෙක ඔබගේ ඉරණමද එය විය හැක.


4. ඇය ඇයවම ඔබට දකින්නට ඉඩ හරින්නෙහිද?


ස්ටීව් මාර්බෝලි වරක් ප්‍රකාශ කර ඇති ආකාරයට “කාන්තාවක් තමාටම සමාව නොදීමේ තත්වයට පත් වනවා තරම් අරුමයක්ද අලංකාරයක් ද තවත් නැත. එය සැබෑම ලස්සන වේ.’’ තමාගේ සතුටටත් වඩා ඔබගේ සතුට පිළබඳ සිතමින් ඔබව ප්‍රීතිමත් ජීවිතයකට කැඳවාගෙන යාමට හැකි කෙනෙක් කෙනෙක් දෙස ඔබගේ අවධානය යොමු කරන්න.


5. ඔහු තමාටම සිනහා සෙනවාද?


යම් පුද්ගලයෙක් තම ප්‍රතිරූපය බොහෝ ලෙස බරපතල ලෙස ගැනීමට කැමැත්තක් දක්වන්නේ නම් එය දුර්වල වූ මමත්වයේ සළකුණක් විය හැක. වෙනස්ම ලෙස තම අඩුලුහුඬුකම් හා දුර්භාග්‍ය වූ දේවල් තුළින් හාස්‍ය සොයා ගත හැකි මිනිසා ඔබගේ ජීවිත මග කණගාටුවෙන් තොර වූ සතුට සහ කරුණාව තුළින් සැහැල්ලු දෙසකට යොමු කරයි. ඔබ ඔබගේ ජීවිතයේ ඉතිරි කාලය යම් කෙනෙක් සමග ගත කිරීමට තීරණය කර තිබේ නම් එය දස දහස් ගණන් දින ගණනකින් යුක්ත වුවක් බවත් ඉන් සමහර දවස පරාජයන් කරා ගෙන යන බවත් සලකා කටයුතු කළ යුතුය. බොහෝ දින ගණන් ඒ ආකාරයටම සිනාසෙමින් රැගෙන යාමට ඔබට අවශ්‍ය නැතිද?

ඔබගේ සහකරු මෙම පරීක්ෂණ තුළ ගමන් කරන්නේ කෙසේද? එකක් වේවා දෙකක් වේවා ඔහු අසමත් වුවහොත්,ඔබ කණගාටු වීමට අවශ්‍ය නැත. මේ දේවල් වෙනස් කිරීමට සහ වර්ධනය විමට ශක්තිය තිබේ නම් දැනුවත් බවින් යුක්තව කාලය ඉක්මවා කටයුතු කරන්නටත් වර්ධනය කරන්නටත් හැකි වනු ඇත. ඇය ඉහත පරීක්ෂණයේ නිර්ණායක තුනක් හෝ ඊට වැඩි ගණනකින් අසමත් වුවහොත් පරික්ෂාකාරිව සිටින්න. මන්ද ඇය නව ජීවිතයක් ඔබ සමග ගත කිරීමට අඩු පරිණත බවකින් සිටින බවට සලකුණක් විය හැක. සැබවින්ම ආදරය සමග ඕනෑම දෙයක් පරාජය කළ හැක. ග්යිලුමේ මුසෝ වරක් ප්‍රකාශ කර ඇති ආකාරයට “දිගු කලක් තිස්සේ ඔබගේ මතකයේ ඔබ ආදරය කළ පුද්ගලයා ලැඟුම් ගෙන සිටින්නේ නම් සහ කවුරුන් හටද ඔබ දැන් ආදරය කරන්නේ,ඊළඟට ඔබගේ ආදරය නොනැසී පවතීවි.’’

ආදරණිය බැඳීමක ප්‍රබලත්වය උදෙසා ළබැඳීයන්ගෙන් මෙසේ විමසන්න….


අපහසුවකින් තොරව දෙදෙනකු අතර ශක්තිමත් සබඳතාවයක් ගොඩනගා ගැනීම හා එකිනෙකා තේරුම් ගැනීම සදහා අප මිනිසුන් වශයෙන් එකිනෙකාට ළංවිය යුත්තේ කෙසේද යනුවෙන් ප්‍රශ්න කිරීම සිදු කළ යුතුය. අනෙකුත් පාර්ශවය විනිවිද දැකීමට නම් කවර ප්‍රශ්න ඇසිය යුතුද යන්න අප දැන ගත යුතුය. මනෝවිද්‍යාඥ ආතර් ආරොන් සහ පිරිස කළ පර්යේෂණයන්ට අනුව කෙටි කාලයක් තුල සබඳතාවයක ආරම්භය සනිටුහන් කිරීමට ඉවහල් වන ප්‍රශ්න 36ක් ඇති බව හා ඒවායේ පිලතුරු මගින් සාර්ථකත්වය කරා ළගාවිය හැකි බව ඔවුන් විසින් පෙන්වා දී ඇත.


ඉහත දැක්වූ ප්‍රශ්න 36 ප්‍රශ්න 12 බැගින් කොටස් 3කට ඛණ්ඩනය වේ. එම ඛණ්ඩනය ගැඹුරින් අධ්‍යයනය කරන ලද්දක් වුවද එහි පළමු අනුකොටස සරලවම විස්තර කරන ලද්දකි. ”ඔබ උදෑසන අවදි වන විට ඔබට යම් හැකියාවක් ලැබී ඇත්නම් එය කවර අරුමයක් වේවිද ?”, “මේ ලෝකයේ ඔබ රාත්‍රී ආහාරය බෙදා ගැනීමට කැමති කා සමගද?”. මෙවැනි පැන සදහා පිළිතුරු සැපයීමෙන් හුදෙක් ඔබට ලැබෙන්නේ විනෝදයකි. දෙවැනි අනු කොටස ගත් කලී මදක් ගැඹුරින් විමසනු ලබන ප්‍රශ්න සහිත කොටසකි. ”ඔබට ඔබේ මව සමග ඇති බැඳීම දනවන්නේ කුමක්ද?”, “ඔබ කෙතරම් ඔබේ පවුල සමග සමීපද?”, “ඔබේ ළමා කාලය ඔබ සතුටින් ගත කල කාලයක්ද?”, වැනි ප්‍රශ්න එහි අන්තර්ගතය. මේවාට පිළිතුරු සැපයීමේදී ඔබ බොහෝ සංවේදී වනු ඇත. කෙසේ වුවත් තෙවන අනු කොටස ඔබේ ගැඹුරු සත්‍යට ආමන්ත්‍රණය කරනු ඇත. ”ඔබ අවසන් වරට වෙනත් අයෙකු ඉදිරියේ හැඬුවේ කවදාද?” තව දුරටත් “මම කැමති මට අදහස් හුවමාරු කර ගැනීමට අයෙක් මා සමග සිටියා නම්………………….” වැනි වාක්‍ය සම්පුර්ණ කිරීමටද ඔබට මෙහිදී සිදු වනු ඇත.
ඔබේ දරුවන් මිතුරන් සහකරු හෝ සහකාරිය සමග පවා මෙම ප්‍රශ්න 36 සාකච්ඡා කිරීම යෝග්‍ය යැයි තරයේ ප්‍රකාශ කල යුතුය. විටෙක මෙම ප්‍රශ්න යම් සබඳතාවයක ආරම්භයට පාර කියනු ඇත.කෙනෙකුට විටෙක මෙම ප්‍රශ්නවලට බොහෝ පිළිතුරු තිබිය හැකිය. එබැවින් විනෝදජනක ලෙස පිළිතුරු සැපයිය හැකි පහත ප්‍රශ්න 10 ඔබ වෙනුවෙන් තෝරා ගතිමු. පළමු අනුකොටසින් පැන 4ක්ද,දෙවැන්නෙන් හා තෙවැන්නෙන් පැන 3 බැගින්ද මෙහි අන්තර්ගතය.
නව සහකරුවෙකු සමග ඇති කරගනු ලබන ලෙන්ගතුකමකදී ඔබ ඇසිය යුතු හොදම ප්‍රශ්න 10 මෙසේය.

1. අවසන්වරට ඔබ ඔබත් තවත් අයෙකුත් වෙනුවෙන් ගැයුවේ කවදාද?
2. ඔබට සුභ දවසක් ගෙන එන්නේ කවර කරුණුද?
3. ඔබට ජීවිත කාලය තුල දැනුනු විශාලම කෘතඥතාවය කා වෙනුවෙන් උපන්නක්ද?
4. ඔබේ සාමාන්‍ය ජීවිතය වෙනස් කිරීමට හේතූ විය හැක්කේ කවර කරුණුද?
5. බොහෝ කලක සිට යමක් කිරීමට ඔබ සිහින මැව්වේද? එය නොකලේ ඇයි?
6. දිනෙක එක වරම මියැදේවී යැයි ඔබ දන්නවා නම් ඒ වෙනුවෙන් ඔබේ ජිවන රටාව ඔබ වෙනස් කරන්නේද? ඒ ඇයි?
7. මිත්‍රත්වය තුළින් ඔබ ලබා ගත් වඩාත්ම වටිනා දෙය කුමක්ද?
8. ඔබ ජිවිතයේ වඩාත්ම අපහසුතාවයට පත් වූ මොහොත සිහි කල හැකිද?
9. “අපි” යන්නෙන් ආරම්භ වන සත්‍ය වගන්ති 3ක් නිර්මාණය කරන්න.උදාහරණයක් ලෙස “අපි දෙදෙනා මෙම කාමරය තුල……………….”
10. ඔබට ඇති පෞද්ගලික ප්‍රශ්නයක් විසඳන ආකාරය පිළිබද ඔබේ සහකරුවාගෙන් හෝ සහකාරියගෙන් විමසා උපදෙස් ලබා ගන්න. එසේම ඔබේ පැනය පිලිබඳ ඔහු හෝ ඇය දක්වන ආලෝකයටද අවස්තාවක් ලබා දෙන්න.

අහෝ! වැඩිහිටිභාවය ඔබ කරා පැමිණ ඇත….


ඔබ මදක් ඔබගේ චින්තනය අවදි කරන්න. සෑම පිරිමි ළමයෙකුම වැඩිහිටියෙක් බවට පත් වන විට එහි ගැබ්වන මැකිය නොහැකි සත්‍යය නම් තමා අවාසි සහගතත්වයට පත්විමට ඔවුන්ගේ ඇති අකමැත්ත යි.  ගැහැණුන්ගේද ඉන් ඔබ්බට ගිය වෙනසක් නොමැති තරමි.පාසැල් සිසුවෙකු වීම, වගකීම් කරමතට ගත් දෙමාපියන්ගෙන් අයෙකු හෝ අනලස් සේවකයෙකු විමට වඩා බොහෝ විනෝදකාමී ය. තව දුරටත් අපි අනෙක් පසට මාරු වනතුරුත් මෙම අවස්ථාව මගහැර ගනු ලබන්නෙමු. දිනෙක ඔබ අවදි වී පුදුමයට පත් වනු ඇත, මම කූපන්පත් පිරවිම හා ගෙවතුවගාව ආරම්භකරන ලද්දේ කවදා පටන්ද,කොහේ සිට මේ පොඩි දරුවන් ආවේද,මම මේ කුඩා වෑන්රථය මිලදී ගත්තේ කවදාද මෙන්ම මම මෙම සමාජයේ වගකීම්සහගත සාමාජිකයෙකුගේ තත්ත්වයට පත් වුයේ කවදාද යන්නෙනි.

            මෙම පරීවර්තනයට ඔබව අනාරක්ෂිත කීරීමට ඉඩ නොදෙන්න.ඔබව නියම වැඩිහිටියෙකු බවට පත් වූ බව තරයේ ප්‍රකාශ කරනු ලබන කරුණු 10ක් මෙහි දැක්වේ.


01.මිතුරු පිරිස අඩු වනු ඇත.


            ඔබ සමඟ එක්ව විහිළු කීරීමට පුරුදුව සිටි ගැහැණු ළමයින් ඔබට මතකද?ඔවුහු කොහි ගියෝද?පෙළක් මත්ද්‍රව්‍ය සහිත රාත්‍රීන් කරා ගොස් ඇති අතර පෙළක් වගකීම් හා සීමාවන්ගෙන් පිරි ජීවන රටාවකට ඇතුළත් වී සිටිති. නමුත් ඔබ දුක් නොවන්න.එම පරිවර්තනය වූ වැඩිහිටි මිතුරු සමාගම ඔබට විටෙක වාසිදායක වනු ඇත. කෙදිනක හෝ ඔබ මධ්‍යම රාත්‍රියක අවදි ව ඔබේ බිළිදාගේ ඇඟෙහි ඇති පලු පිළිබඳ හෝ යම් ආසාත්මිකතාවක් පිළිබඳ ගැටලුවක් මිතුරු මාර්ගයෙන් වීමසා දැනගෙන ඇත්ද?එසේ නම් ඔබ දැනටමත් එම ජීවිතයට ඇතුළු වී ඉන් ඵල ප්‍රයෝජනද ලබාගෙන ඇත්තීය..


02.ඔබේ මව හා දොඩමලු විමට පොළඹවනු ඇත.


            ඔබට ඇති මුල්‍ය අවශ්‍යතාවය හේතුවෙන්ම නොවේ,ඔබ මදක් නිදහස්භාවයට පත් වන කල (වැඩිහිටිවියට පත් වන කල)ඔබේ දෙමාපියන් තුල ඔබ කෙරෙහි වූ ආධිපත්‍යය අඩු වේ. ඔබේ පියා ඔබට දැක්වූ දරදඬුභාවය දැඩි මිතුරුකමකට පෙරළේ. ඔබේ මව උපහාසාත්මක හෙළාදැකීම් වෙනුවට චාටු හා උසස් සැලකීම් වෙතට නැඹුරු වේ.අවසානයේ සියල්ල උත්කෘෂ්ට හා අපුර්ව ලෙස ඔබට දැනෙනු ඇත.


03.පිලිසිඳගැනිමක පණිවිඩය සන්ත්‍රාසයෙන් තොර ආහ්ලාදයෙන් පිරුණක් වනු ඇත.


            ඔබ ඇයගෙන් දරුවා විනාශකරගැනීමට යන්නේදැයි කිසිවිට නොඅසනු ඇත;ඔබ ඔහුගෙන් ඒ ඔහුගේම දරුවාද යන්න විශ්වාසදැයි ද කිසිවිට නොඅසනු ඇත. මක් නිසාද යත් ඔබ දේපල නිදනකාමර සහිත නිවසක විවාපත් අඹුසැමි යුවලක් ලෙස වසර ගණනක් වාසය කරන බැවිනි. එසේම කව්රුන් හෝ මෙම කරුණුකාරණා 1ක් හෝ සමාජය ඉදිරියේ ප්‍රසිද්ධියට පත් කොටද ඇති විය හැකිය.


04.ඔබ සමාජ මාධ්‍යට වඩා අඩියක් පසුපසින් සිටිනු ඇත.


            ඔවුන්ට මා ඉතාමත් අංශු මාත්‍රයකින් අහිමි වී ගියේය. සහ අද මාගේ ඥාති සහෝදරයාට අනුව කිසිවෙකුත් තවදුරටත් එසේ නොකරාවි මෙන්ම සෑම අයෙක්ම ආසක්තාත්මක දොඩමලුවක නියැලී සිටිති. මම තවමත් සමාජ වෙබ් අඩවි භාවිතා කරන්නෙමි. අනෙකුත් මව්වරුන් විසින් ඵල කරනු ලබන ළදරු චායාරූප වලට විනීත ලෙස කැමැත්ත දක්වමි. පොත්පත් සම්බන්ධ කණ්ඩායම් සහ ඒකක ලෙස හදුනාගැනීම් සඳහා ආරාධනා කරමි. එසේ මම විනෝද වෙමි.


05.සහකරු හෝ සහකාරිය සමඟ හැඟීම් හුවමාරු කර ගැනීමට හුරුවනු ඇත.


            ඔබේ හැඟීම් ප්‍රකාශ කිරීමට සහ සැනසීම ළඟා කරගතහැකි අවස්ථා පිළිබඳ ඔබ මේ වන විට අත්දැකීම් ලබා සිටිනවා විය යුතුය. සැබවින්ම මොරදීමෙන් හෝ බදු භාන්ඩාදිය විසිකිරීමෙන් එය ළඟා කරගත නොහැකි බව ඔබට හැඟෙනු ඇත. ඉඳින් තව දුරටත් ඔබව හදිසි අවස්ථාවන්ගෙන් බියට පත්කළ නොහැකිය.


06.සතියේ දිනවල රාත්‍රීන් සදහා ඔබ පිටතට නොයනු ඇත.


            පිටත රාත්‍රී ආහාරයකට වඩා වැදගත් හේතු ඔබව නිවසේ රැඳී සිටීම වැදගත් බව ඉඟි කරයි. පිරිස,ශබ්ධ මෙන්ම භ්‍රමණය වන විදුලිබුබුලු කෙරෙහිද ක්‍රමයෙන් ඔබේ අප්‍රියත්වයක් හට ගනී.


07.තව දුරටත් “පිටතට යාම” තුළින් ඊට හාත්පසින් ම වෙනස් වූ කාරණා ද පිළිබිඹු වනු ඇත.


            ඉහත සඳහන්කළ කරුණු සහ ඔබගේ ශක්තිමත් මූල්‍යමය සම්පත් අනුව ඔබ අලංකාර භෝජනාගාරයකට හෝ ජනාධික සමාජ ශාලාවකට යෑමට වඩා ඔබ ආශාවෙන් නිවසේ නතර වි හිඳින කල ඔබේ දරුවන් බලාගන්නා තැනැත්තිය රාත්‍රියට ඉතා ආශාවෙන් පිටත්ව යනු දකින ඔබට එහි වටිනාකම මනාව පසක් වනු ඇත.


08.සහකරුට පෙර සහෝදරත්වය නිමා වනු ඇත.


            ඔබත් ඔබේ සහකරු හෝ සහකාරියත් සමඟ ඇති දැඩි බන්ධනය අබිමුව ඔබ දෙදෙනා ඔබ දෙදෙනාට මිස වෙනකෙකුට ප්‍රමුඛත්වය ලබා නොදෙනු ඇත.


09.සතියේ දිනවල ලබන කුඩා සතුට වුව ඔබ ආදරෙන් වැළඳගනු ඇත.


            මදකට සිතන්න..උදෑසන ගීත ඇසීම, සෞඛ්‍යමත් හා පිනායන දිවා ආහාර, සහ නව සුවිශේෂී කෝපි කෝප්පයක්…සති අන්තවල මෙන්ම සතියේ දිනවලදීද මෙවන් කුඩා කුඩා සිදුවීම් ඔබව ප්‍රීතිමත්ව තබනු ඇත. ජීවිතය විඳින්නට සිකුරාදා වන තුරු බල නොසිටින්න.අදම ජීවිතය තුළ ජිවත් වන්න.


10.කෙදිනකවත් ඔබ “YOLO”වන් වදන් නොදොඩනු ඇත.


            ඔබ එය කරන කල අප්‍රියත්වයක් හා මෝඩ බවක් දැනෙන නමුදු එම වදන්වල අරුතට එකඟ නොවනවා විය හැකිය. අප පෙර ජිවත් වූ ආකාරය වර්තමානයේ අඥාන කටයුත්තකට හේතුවක් නොවේ. ඔබ කල යුත්තේ හොඳ අනාගතයකට අවශ්‍ය අඩිතාලමක් ලෙස හොඳ ආයෝජනයක් කිරීමයි.

            වර්ධනය වීම යනු බොහෝ වටිනා දෙයකි. මම රටඉඳි කන්නේ මට අවැසි තරම්ය. එසේම නානකාමරයට යාමට කිසිවෙකුගෙන් අවසර ගත යුතු නැත. මගේ ළදරුවා මා සමඟම තබාගැනීමටමට අවැසි වුවද අසල නිවසේ කාන්තාවට ඔහු නිතර “Hi ” කියන්නේ නම් ඒ වෙනුවෙන් සමාව ගතයුතු වනු ඇත. ජීවිතය ක්‍රමයෙන් වෙනස් වන අතර මම මගේ වැඩිවියට පැමිණීම වෙනුවෙන් සතුටු වෙමි.

හාද්දක රැදුනු රසය

 

සාමාන්‍යයෙන් මිනිසා ඔහුගේ ජීවිත කාලයෙන් මිනිත්තු  20,160ක් හාදු දීමට ගතකරන බව ඔබ දන්නෙහිද? ලෝකයේ වාර්තාගත හාද්දෙහි කාලය පැය 58, මිනිත්තු 35, තත්පර 58කි. නමුත්, අපි හාදු දෙන්නේ මන්ද?

වෙසෙසින්ම අප මුව කෑමට, බීමට, හුස්ම ගැනීමට හා සන්නිවේදනයට බිහි වූ වක් යැයි සිතු කල මෙය යම් අරුමයකැයිද විටෙක සිතෙනු ඇත.

අද වනවිට හාද්දක් ආදරය, සමගිය, සාමය, ගරුත්වය, රාගය යන සියල්ල මුර්තිමත් කරයි.  නමුත් මානව ඉතිහාසයේ හාද්ද ප්‍රථමයෙන්ම හදුනාගත් පුද්ගලයා මෙය කුමක්  උදෙසා කලේද; ඔවුන්ගේ මනස හා සිරුර එවැන්නකට යොමු වුයේ මන්ද, යන්න සැලකිය මනාය.

“හාද්ද” යන්නෙහි විද්‍යාත්මක නාමය “ Philematology”  යන්නයි. එහි සරල අරුත නම් “හාදුදීම ඔබට යෝග්‍යය ” යන්නය. එවන් වූ හාද්දක් මිනිත්තුවකට කැලරි 2-3 දහනය කරන අතර ඔබේ හදවතේ රිද්මය වේගවත් කරමින් එපිනෙප්‍රින් ඔබේ රුදිරයට එකතු කරයි. තව දුරටත් ශරීරයට අහිත කරවූ කොලෙස්ටරෝල්ඉවත් කරමින් අධික ආතතියද ඔබෙන් දුරස් කරයි.

අප අද “හාදුදීම ” යනුවෙන් හදුන්වන දෙය “හාදු පෝෂණය ” යන්නෙන් බිදී ආවකැයි පරිණාමවාදී මානව විද්‍යාඥයින්ගේ මතයයි. එහි අරුත නම් “සැපූ ආහාර මුඛයකින් මුඛයකට හුවමාරු කිරීම ” යන්නයි. කුරුළු මව්වරු මෙම කාර්යයෙහි ප්‍රසිද්ධත්වයක් උසුලන අතර බොහෝ අගරජවරු නිතර මෙය සිදු කරති. එතරම් දුර නොගියද මෙය සියලු මානව මව්වරු හා දරුවන් අතර පොදු දෙයකි. සැබවින්ම සන්වේදනීය මෙම සිද්ධාන්තය  වාණිජමය වශයෙන් නිපදවන ලද “කිරි බෝතල් සම්ප්‍රදාය” මෙහි අවසානය සනිටුහන් කලේය.

අද වනවිට බටහිර ලෝකයෙන් මෙය සම්පූර්නයෙන්ම අතුරුදහන් වී ඇත. නමුත් දරුවන්ගේ හා මව්වරුන්ගේ යහපත් සෞඛ්‍යයට මෙම චර්යාව  වැදගත් බව මතයයි.මන්දයත් එය දරුවාට අවැසිවන මව්කිරිවලින් හා ළදරු ආහාර වලින් පමණක් නිරන්තරයෙන්ම ලබාදෙනු ලබන මනා පෝෂණය, කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන්,යකඩ,තුන්තනාගම් සහ ප්‍රතිජනක ලබාදෙන බැවිනි. එසේම වැඩිහිටියන්ගේ කේඨය  ආහාර ජීරණය පහසුකරමින් අත්‍යවශ්‍ය B12 වැනි  උරා ගැනීමට පහසු කරන විටමින් ද  ලබා දෙයි.

මුවට මුව බන්ධනය යනු, දැඩි ඇසුරක, විශ්වාසයක, නුවින් මුව බැදුණු සමීපත්වයක ඉතිහාසය කියාපායි. එසේම ඔබේ කේඨය ඔබ කවුරුන්ද, ඔබේ සෞඛ්‍ය තත්වය කෙසේද යන්න පිළිබද දත්ත සපයන්නකි. ටෙස්ට් ටෙස්ටෙරෝනේ වැනි හෝමෝනයන්ට අප මුකයේ ඇති සෙම් පටලය පාරගම්යය. සම්භාව්‍ය සහකරුවකු හා සහකාරියකගේ රසාත්මකත්වය බිදීමට හාදු දීම අගනා ක්‍රමයකි. එනිසාවෙන් තම කාලත්‍රයා තෝරා ගැනීමට මෙය උපක්‍රමයක් ලෙස අද වනවිට භාවිත වේ. ප්‍රාග් ඓතිහාසික මානවයා නිරන්තර  හාදු දීමෙන් විනෝදයක් ලැබුහ. වඩාත්  සුදුසු තීරණ ගත්හ;  හොදම සහකරුවා හෝ සහකාරිය පාවාගත්හ; සාර්ථකව ප්‍රජනනයෙහි නියැලුනහ. ඉන් ඔවුහු එය සම්මතත්වයට පත් කළ  අතර හාදු දීමට ප්‍රියකළ පිරිසක් බිහි කළහ.

ජීවිතය යනු අවිනිශ්චිතතාවයෙන් හා තේරීම්වලින් පිරුණකි. එසේම ඔබේ නිවැරදි තීරණ කරා ඔබ රැගෙනයෑමේදී පන නගින බාධාවන් මැඩලන උපක්‍රමයක් සොයාගත හැකි නම් එය වඩාත් උචිතවනු ඇත.

ජීවත්වන සෑම පුද්ගලයෙකුටම හොදම සහකරුවා විය නොහැකි වුවද ඔබේ තේරීම ඉදිරියේ එය ගැටලුවක් කරගත යුතු නැත. කෙදිනකවත් හාදු දීම හා එහි රසඥතාව දෙස බලා දුරුමක වීම අවශ්‍ය නැත. මින් ඔබ්බට දිව යන සන්තෘරුෂ්ටියක් හෝ  වටීනාකමක් ඇත්නම් තවදුරටත් මනා යැයි සිතිය යුතු නැත.

එනිසා ඔබ එම සුවිශේෂ වූ හාදුව ලබාගන්න කළ එය ඔබට සුවිසල් හැගුමක් දන්වනු හා ගෙනෙනු ඇත. ඔබ දන්නවාද, මේ උදා වී ඇත්තේ සාර්ථක තෝරාගැනීමක උච්චතම අවස්තාවකි. සැබවින්ම එය ඔබව සුවිසල් විනෝදයකට රැගෙන යනු ඇත.

අසාර්ථක සම්බන්ධයක නිමාව සඳහා ප්‍රස්තුතයන් 4ක්


එංගලන්තයේ සුප්‍රකට නවකතා කතුවරියක් වූ ජෝර්ජ් එලියට් වරක් මෙසේ ප්‍රකාශ කර තිබේ. ”එකිනෙකා අතර පවතින ශක්තිමත් බව ,ඔවුන් දෙදෙනා විසින් සමරනු ලබන නිහඬ,නොදොඩන මතකයන් අතර ආත්ම දෙකක බැඳීම තහවුරු වනු ඇත. ”


එකිනෙකා අතර මෙවන් වූ සම්බන්දයක් ඇති වේවා යන්න අපි නිරන්තරයෙන් හදපත්ලෙන් ප්‍රාර්ථනා කරන්නෙමු. විටෙක අප බලාපොරොත්තු වන තරම් වූ ප්‍රබල ආත්මීය බැඳීමක් අප සතු නැත යැයි සිතා අපි පසුතැවිලි වන්නෙමු. තරඟකාරී පරිසරයක උනන්දුව,පරිත්‍යාගශීලි භාවයෙන් අපට අප බැඳීම් ජයග්‍රහනය කිරීමට සිදු වන අවස්ථා ද උදා වනු ඇත. මේ කෙසේ වුව ශක්තිමත්,විශ්වාසනීය සබඳතාවයක් වුව ද බිඳී යාමට හේතූන් තිබිය හැකිය. මෙවන් අවස්ථාවලදී සරල සහ නිවැරදිම විසඳුම අත්හැර දැමීමයි.


1.ඔබ හුදෙකලාවම සියලුම වැඩ කරන්නේ නම්,


ස්වභාවයෙන්ම සබඳතා පවතවාගෙන යාම ඉතාමත් අසීරුය. එමෙන්ම ඒ සඳහා දෙපාර්ශවයේම 100%ක සක්‍රීය දායකත්වය අවශ්‍ය වේ. අනෙත් පාර්ශවයේ අවධානය අඩු වුවද ඔබගේ කැපකිරීම අනර්ඝ නම් ඔබගේ සබඳතාවය කෙදිනකවත් බිඳ නොවැටෙනු ඇත. එසේම ඔබ සබදතාවය තුලින් ලබා ගත් දෙයක් වේද එය පෙරලා අනෙකාට ලබා දිය යුතුය. ශක්තිමත් සබදතාවයකට මහත් වූ ගිවිසුම්,දයාව,සමාවදීම් ,ස්නේහයන් මනා සේ ප්‍රමාණවත්ය .ඔබ සිටින්නේ ඒකපාර්ශවිය ආදරයක නම් ඔබ සමග කාන්සිය,වේදනාව බෙදා ගැනුමට සහ ගෞරවයෙන්, සාධාරණත්වයෙන් සලකන අයෙකු සොයා ගැනීමට කාලය උදා වී ඇත.


2.ඔබ දෙදෙනාගේ ජිවන සැලසුම් පරස්පර විරෝධී නම්,


ඔහුට විවාපත් වී පවුලක් ආරම්භ කිරීමට අවශ්‍යය;ඇයට අවශ්‍ය වන්නේ ලොව වටා සංචාරය කිරීමට ය. ඇයට අවශ්‍ය වන්නේ නාගරික ප්‍රදේශයක විශාල නිවසක් සාදා එහි දරුවන් පිරිවරක් සමග කාලය ගතකිරීමට ය;නමුත් ඔහුට ඉදිරි දශකය අප්‍රිකාවේ ධර්මධූත සේවයේ යෙදීමට අවශ්‍ය කර ඇත. මෙවන් වූ සිදුවීම් මිලියන ගණනක් මේ මොහොතේ වුව ලොව පුරා සිදුවනු ඇත. නමුත් සැලකිය යුතු කරුණ නම් ගැඹුරින්ම ආලයෙන් වෙලී සිටින්න පවා ඒකීය ගමනාන්ත්යකටත්යකට යොමු වී නොමැත යන්නයි. එක් පාර්ශවයක අවශ්‍යතාවයට පමණක් රැගෙන යන සබදතාවයක අවසානය තෘප්තියකින් නිමා නොවෙනු ඇත. කෙනෙක් රළුබවින් හා දැඩිබවින් සිටින්නේ නම් අනෙකුත් පාර්ශවය ස්වකිය ආදරය බෙදාහදා ගත නොහැකි කෙනෙක් සමග වෙසෙන,තම ජීවිතයට දැඩිව අප්‍රියකරන පුද්ගලයෙකු බවට පත් වේ. අවසානයේදී ඔවුහු එක් දිශානතියකට යොමුවනු ඇත. චාර්ල්ස් එෆ් ග්ලාස්මන් විසින් රචිත කෘතියක උපුටා ගැනීමක් මෙසේය. ”ඔබ ඔබගේ ආත්ම සහකරුවා සොයා ගැනීමට පෙර ඔබගේ ආත්මය සොයා ගන්න. ඉන් අනතුරුව ඔබේ ආත්මයට අවංක වී ඔබේ ජීවන රටාවට ගැලපෙන පුද්ගලයෙක් ආත්ම සහකරු කර ගන්න”.


3.ඔබේ දුෂ්කරතා ඉදිරියේ ඔහු /ඇය ඔබව අත්හැර දමන්නේ නම්,


ඔබ කොපමණ යහපත් කාල වකවානු පසු කර පැමිණියද මෙවන් වූ ඛේදනීය අවස්ථාවන්ද උදා නොවනු ඇති කිව නොහැකිය. විවාහ යුවලක් ලෙස මුණ දීමට සිදුවන දුෂ්කරතා බොහෝය.ඔබ යන මග ඇති දුෂ්කර වූ කරදර බාධක මිලියන ගණනක් ඔබ එන තුරු බලා සිටි. සියල්ල ඔබට තනිවම විඳ දරාගත නොහැකිය. ඔබ ස්වාමියා මත යෑපෙන අයෙකු වුවහිත් ඔහුට එය කරදරයක් වනු ඇත. නමුත් බොහෝවිට ප්‍රායෝගිකව මෙය සිදු වන අතර බොහෝ සබදතාවන්හි බිහිවීම හා බිදවැටීමට මෙය ප්‍රස්තූත වී ඇත .අභියෝගයන් හමුවේ ඒවාට විසදුම් සෙවීමෙදි දෙදෙනාගේ ආදරය සහ විශ්වාසය උතුරා ගලනු ඇත. ඔබේ සහකරුගේ වියෝගය ඔබ තුල තිබූ ආකර්ෂණීයතත්වය සහ අවසානයේ අනාරක්ෂිතභාවය ඔබට ඉතිරි කරනු ඇත.


4.ඔබ එකිනෙකාගේ අව්‍යාජත්වයට ගරහන්නේ නම් ,


සෑම අයෙක් සතුවම වැරදි තිබේ. සවිමත් සබදතාවයක ඇති උදාර අංගයක් නම් ඔබේ සහකරු ඔබට එම අතපසුවීම් නොතකා ආදරය කරන්නේ ‘යි දැනගැනීමයි. ඔබගේ සහකරු/ සහකාරිය ඔබ ළග වැටී සිටීමට තරම් මෘදු සිතැත්තේකු හෝ සිතත්තියක විය යුතුය. ඔබේ මුහුනෙහි පුයර ගැල්වීමට නොහැකි වුවද ඔබේ මුව සහ කෙස් කළඹ ඔබව අලංකාර කරාවි. නමුත් ඔබේ අඩු ලුහුඩුකම් පුරවනු වස් වැඩ නොකර සිටිනු යැයි මින් ගම්‍ය නොවේ. ඔබ දෙදෙනාම සිය උපරිම කැපකිරීම කල යුත්තේ ස්ව බැඳීමේ පැවැත්ම උදෙසාය. කෙසේවුවද එහි ප්‍රිතිමත්භාවය උදෙසා ඔබේ උවමනාවම ප්‍රමාණවත්ය. සමහර අවස්ථාවන්හි ඔබේ සහකරු පුරුද්දක් ලෙස ප්‍රමාද වී පැමිණෙන්නේ නම්,මඩ සහිත අඩි සලකුණු බිම පැවතීම නිසා ඔබ කිපෙන සුළු ,උඩගු,ක්ෂණික අනුවනකාරි පුද්ගලයෙකු බවට පත් විය හැකිය. ජීවිතය අපහසුකාරී වුවද ඔබට අවශ්‍ය වන්නේ එම අපහසුතා ඉදිරියේ එම දුක් ආයාචනයකින් තොරව තමාට පවරාගන්නා පුද්ගලයෙකි. ඔබගේ වැරදි ඉදිරියේ ඔබ ආත්ම ශක්තියෙන් පිරිහෙන කල ඔබේ සහකරු ඔබව සබදතාවයේ විශ්වාසය බිද දැමු වරදකරුවකු කරනු ඇත. ආදරයේ ආරම්භය යනු තමා තමන්ටම ආදරය කිරීමත් ඉන් ඔබ්බට එය නොවෙනස්ව තම අභිමතයට අනුව අනෙකාට ලබා දිමට ඉඩ හැරීමත්ය.

සබදතාවයක් අත්හැරීමට තීරණය කිරීම නිතැතින්ම අපහසු දෙයකි. කෙසේවෙතත් ඔබව දුර්මුඛ කරනු ලබන සබදතාවයක් අත්හැර නිදහස් වීම යනු ඔබ ඔබටම විවෘත වීමකි. එමෙන්ම ඔබ බලවත්භාවය හා ශක්තිමත්භාවය මුර්තිමත් කරනු ඇත. කිසිවිටෙක ඔබගේ සිත හීනමානයට ඉඩ නොතබන්න. ඔබ නොදන්නේද, ඔබේ සිහින බෙදා ගැනීමට,ඔබට උර මත කදුළු සැලීමට ඉඩ දෙන,ඔබට පමණක් ආදරය කරන කෙනෙකු ඔබ එන තුරු මග බලා සිටිනවා විය හැකිය.යන්න ගොස් එම පුද්ගලයා සොයා ගන්න.